රසදිය එන්ජින්, වතුරෙන් දුවන කාර්, GI බට වලින් හදපු හෙලිකොප්ටර්

මේ දවස් වල කතා වෙන රසදිය එන්ජින්, වතුරෙන් දුවන කාර්, GI බට වලින් හදපු හෙලිකොප්ටර් වගේ කතන්දර නිසා මේ ගැන මගේ experience එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා.

නව නිර්මාණ මාකට් එකට ගෙනියන්න, එහෙම නැත්තං commercialize කරන තැනකට කියන්නේ business incubator කියලා. 1999දී Prudential Holdings, Next Ventures (ඔය MillenniumIT/ LSEG in Sri Lanka ආයතනය IPO එකට ගෙනාපු), MediaSolv (ලංකාවේ පටන් අරන් 1998දී ඇමෙරිකාවේ Silicon Valley එකට විහිදුනු Multimedia/Software කොම්පැනියක්) සහ SLIIT එකතුවී පටන් ගත් ලංකාවේ පළමුවැනි Technology Business Incubator ය වුණු ConceptNurseryයේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) හැටියට අවුරුදු ගානක් සේවය කරපු කෙනෙක් හැටියට ලෝක බැංකුවේ InfoDev ආධාර මත “Entrepreneurship/ව්‍යවසායකත්වය” කියන සංකල්පය ලංකාව පුරා ප්‍රචලිත කරන්න යම්කිසි වැඩ කොටසක් කරපු, මේ සංකල්පය උසස් අධ්‍යාපන ආයතනවල විෂයක් හැටියට හඳුන්වා දීමට කටයුතු කරපු කෙනෙක් හැටියට, මට මේ වගේ අය නිතරම මුණ ගැහුනා.

2002 කෙනෙක් ආවා ලෝකෙ මුල්ම online bookstore එකක් කරන්න අදහසක් තියෙන, නමුත් amazon.com ගැන අහල නෑ! තවත් කෙනෙකුට අදහසක් තිබුණා pc to pc instant කොමිනිකේෂන් එකක් කරන්න, විශ්වාස කරන්න මෙතුමා ඒ කාලේ ප්‍රසිද්ද වෙලා තිබුනු ICQ හෝ MSN messenger ගැන අහල තිබුණෙ නෑ. තවත් මැතිනියකට ඕනෑ කරලා තිබුණා අපෙන් මුදල් ලබාගෙන එයාගෙ අයිඩියා එක commercialize කරගන්න හැබැයි අයිඩියා එක ගැන කිසිම දෙයක් කාටවත් කියන්න කැමති වුණේ නෑ, හොරකම් කරයි කියලා බයට. මේ සියලු දෙනාගේම මම දැකපු පොදු කාරණාව තමයි literature review, intellectual property, copyrights ගැන මෙලෝ අල බෝලයක් නොදැනීම. ඒ කියන්නේ සරල වශයෙන්ම තමුන්ට කලින් මේ ගැන කවුරුවත්ම මොනවා හරි කරලා තියෙනවාද කියන එක ගැන හොයලා බලන්න උවමනාවක් තිබිලා නෑ. ඒ කාලෙනම් YouTube තිබුනේ නැහැ, Google වැඩිය ප්‍රසිද්ද නැහැ. නමුත් research කරන්න ඕනෑ නම් අවස්ථා තිබුනා. මේකට හේතුව තමුන්ගේ ego එකද නැත්නම් ඉංග්‍රීසි නොදැනීමද කියලා මම තාමත් කල්පනා කරනවා. ඊටත් වඩා ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මේ අයිඩියානන්දලාව මුරුංගා අත්තේ තියාපු කාරනාව. විෂය ගැන කිසිවක් නොදන්නා අය (විශේෂයෙන් මාධ්‍ය) මේ අයට දරා ගන්න බැරි තරමේ බලාපොරොත්තු දීලා. ඉතින් මේ අය හිතන්නේ තමන්ට වඩා වැඩ්ඩෙක් නැහැ කියලා.

ඉතින් ලංකාවේ මුල්ම වතාවට, ලෝකේ මුලින්ම හොයාගත්ත වගේ කතන්දර කියාගෙන පටන් ගන්නකොටම මට අම්බානෙක බය හිතෙනවා.

ඒ වගේම, වැඩේ හරියටම කරගෙන ConceptNursery එක හරහා ගොඩ ගිය ආයතන සහ පුද්ගලයින් රාශියක් ඉන්නවා. මේ කවුරුවත් කාගෙන්වත් “අතක්” වත් පවතින රජයෙන් ආධාරවත් බලාපොරොත්තු වුනු අය නොවෙයි.

නිදසුන් හැටියට ලංකාවට SMS marketing හඳුන්වාදුන් zMessenger, Llavan Fernando පටන්ගත්ත Zone24x7, WSO2 පටන්ගත්ත Sanjiva Weerawarana ගේ Lanka Software Foundation, PickMe පටන් ගත්ත Fathhi Mohamed, Mohamed Gazzaly, Jiffry Zulfer , SAP custom tools හදපු Pristine Tech වගේ ආයතන අද ලෝකප්‍රසිද්ද ආයතන.

පස්සේ කාලෙකදී ICTA හැදුනට පස්සේ “Spiralation” ICTA Support Initiative for Tech Start-ups එක හරහා වසරකට නව නිර්මාණ 100කට වැඩිය විනිශ්චය කරන්න ලැබුනා. ඒ හරහා තෝරාගත් සීමිත පිරිසකට අපි මුලින්ම ලබාදුන්නේ දැනුම සහ ඒවා ලබාගතහැකි සම්බන්දතා. මුදල් අවශ්‍යතාවක් තිබුනේ නැති තරම්. අද මේ ගොඩක් ආයතන ලංකාවට ඩොලර් ගේන ෆැක්ටරි.

ඉතින් මේ “අත” ඉල්ලන “නව නිර්මාණ කාරයන්ට” සහ ඒ අයව මුරුංගා අත්තේ තියන අයට කියන්න තියෙන්නේ මුලින්ම “විෂය” ගැන අඩුම තරමේ Google search එකක්වත් කරන්න කියලයි. ඒකවත් කරන්න කම්මැලි නම්, තේරෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ නාහෙන් අඩන්නේ නැතිව නිකන් ඉන්න එක. 

මේ video එක 2002 කරපු එකක්. 

මේ 2019දී
Spiralation – Seed Funding Program for Tech Startups

Share