දැන් අපිටත් ලාබෙට LED ලයිට් බල්බ්

විදුලි බිලත් වැඩි වේගෙන යන එකේ CFL Bulb දාන්න හැදුවත් හොඳ එකක් රු.500කට එහා! ඉතින් කාලයක් තිස්සේ මම LED Bulb ගැන හොය හොයා හිටියේ.

ළඟකදි පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ රස්තියාදු වෙන වෙලාවක දැක්කා නානාප්‍රකාරයේ LED බල්බ් විකුණන්න දාලා, කොටින්ම pavement එකේ තියෙනවා 3w ඒවා රු.350 ඉදන් ! ඒ ගැන වැඩිය විස්වාස නැති හින්දා මම ගියා තොග කඩේකට, මෙන්න ලිපිනය:

FP Lighting Pvt Ltd,

No.44, First Cross Street, Colombo 11, Sri Lanka.

Telephone: 112337179, EMail: fplighting@gmail.com

මෙතැන විකුණන්න තියෙනවා LED bulb kit හැටියට. මාත් ඉතින් ඔන්න ඔහේ ඕනෑ දෙයක් කියලා ගත්තා 3w LED bulb කිහිපයක්. kit හැටියට ගන්නවනම් බොහොම ලාබෙට ගන්න පුලුවන්, 3w රු.220 මිල කරලා තියෙනවා, වැඩිපුර ගන්නවනම් තවත් අඩුකල හැකියි කියලයි කිව්වේ. spec එකට අනුව මේ වර්ගයේ බල්බ් එකක් පැය 50,000 වැඩකරනවාලු. ඒ කියන්නේ අවුරුදු 5ක් විතර! (50000/24/360 = 5.7). මං හිතන්නේ මේකට ප්‍රධාන හේතුව Inductor/Zener යොදපු step-down driver board එකයි, heat sink එකයි වෙන්න ඕනේ.

මේ තියෙන්නේ 3w kit එකක තියෙන බඩු ටික. අපේ ගෙදර 2pin එකයි screw type එකයි ජාති දෙකෙන්ම holders තියෙනවා, ඒත් මෙදා මන් ගත්තේ 2pin type එක.

මේ තියෙන්නේ මම බල්බ් එක හදපු හැටි

1. මුලින්ම power controller එක හරියටම වැඩ කරනවාද කියලා බලන්න. කලුපාට වයරය positive (+), සුදුපාට වයරය negative (-). මේ සඳහා multi-meter එකක 50v range එක සෑහෙනවා.

2. දැන් Chip LED එක heat sink එකට සවි කරගන්න. මේ සඳහා පොඩි ඉස්කුරුප්පු ඇන තුනක් ලබා දී ඇති.

3. ඊට පස්සේ power controller එකේ කලුපාට වයරය, LED board එකේ + තැනටත්, සුදුපාට වයරය – තැනටත් soldering iron එකකින් පාස්සන්න. මේ තියෙන්න පෑස්සුවාට පස්සේ පෙනෙන හැටි.

heat sink එක ඇලුමිනියම් හින්දා power controller එක short වෙන්න ඉඩ තියෙනවා. මම කරේ ඒ වෙනුවට electrical tape කෑල්ලකින් PCB එක වහපු එකයි.

4. මට ලැබුනු holder එකේ කොටස් දෙකක් තිබුනා. heat sink එකට සවි කරන plastic header එකයි, 2pin holder එකයි. හැබැයි මේ දෙක නිකම්ම සවි කරන්න බැහැ. plastic header එකෙන් කෑල්ලක් කපා ඉවත් කරන්න ඕනේ.

5. දැන් තියෙන්නේ power controller එකේ සුදු පාට වයර් දෙක හොල්ඩර් එකේ පින් දෙකට සවි කරන වැඩේ. මේක ටිකක් ප්‍රවේශමෙන් කල යුතු රාජකාරියක්.

6. ඒ වැඩෙත් කලාට පස්සේ තියෙන්නේ ප්‍රවේශමින් plastic header එක heat sink එකට සවි කරන එක.

මෙන්න සම්පූර්ණ කල LED bulb රාජයා.

3w හින්දා මම හිතුවේ මේක night lamp එකක් හැටියට පාවිච්චි කරන්නයි, ඒත් දාලා බලපුවහම එලිය ඉතාම වැඩියි. ඒ නිසා මම මේ LED බල්බ් එක ගරාජ් එකට සවි කලා. දැන් ඉතින් මට එලිවෙනකම් ඒ ලයිට් එක දාලා තියන්න පුලුවන්.


LED drivers ගැන තවත් බොහොම වටිනා උපදෙස් :

Share