පික්චැර් පිස්සා මූවී සර්වර් එකක් හදපු හැටි

නිවාඩු දවසේ අපි කට්ටිය අලුත් චිත්තරප්ටියක් නරඹමින්

නිවාඩු දවසේ කට්ටිය අලුත් චිත්තරපටියක් නරඹමින්


චිත්‍රපට බැලීම මගේ ප්‍රධාන විනෝදාංශ වලින් එකක්. ඉස්සරනම් සිනමා ශාලාවට ගිහින් බැලුවත් පස්සේ VHS ප්ලයෙර් එකටත්, ඊට පස්සේ VCD, එයින් පස්සේ DVD එකටත් මාරු වුන හින්දා ගෙදර ඉඳන් නිවාඩු පාඩුවේ චිත්‍රපට බලන්න පුරුදු වුනා. මම කැමතියි ලස්සන කවරයක් සමග නිවැරදි sub-title තියෙන high-quality චිත්‍රපට එකතු කරන්න. අදටත් රාක්කයක් පිරෙන්න DVD තියෙනවා.

පස්සේ කාලෙකදී කොම්පියුටර් එකට චිත්‍රපට එකතු කරන්න පටන් ගත්තා, ඒ හැම folder එකකම කථාවෙ සාරාංශයත්, පෝස්ටර් එකත් sub-title එකත් තබා ගන්න මම අමතක කරේ නැහැ. අපේ ගෙදර කට්ටිය ලඟ කොම්පියුටර් කිහිපයක්ම තියෙන හින්දා සමහර චිත්‍රපට ඩුප්ලිකේට් වෙලා, සමහර ඒවා අවශ්‍ය වෙලාවට හොයාගන්න අමාරුයි. තිබුන පොඩි hard-disk පිරෙන්න ගත්තම ඒවා DVD වලට කොපි කලා.

ඒ මොනවා වුනත් චිත්‍රපටයක් කොම්පියුටර් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් බලන එක ඒ තරම් සුදුසු නැහැ කියලයි මම හිතුවේ. ඔන්න ඔය අතරේ මම ගන්නවා අඟල් 40 Full HD, Toshiba Smart TV එකක්, මේකේ දුවන්නේ Android Jelly Bean. මේ TV එකට කෙලින්ම චිත්‍රපට තියෙන hard-disk එක USB හරහා ප්ලග් කරලා බලන්න පුළුවන්. ඒ වගේම screen mirror පාවිච්චි කරලා ඕනෑම ඩිවයිස් එකක තියෙන චිත්‍රපටයක් cast කරන්නත් පුළුවන්. ඒත් මම හිතුව WFi Router එකත් පාවිච්චි කරලා ගෙදර ඕනෑම තැනක ඉඳලා ඕනෑම device එකකින් ඒ කියන්නේ TV එකෙන්, Phone එකෙන් හෝ Tablet එකෙන් චිත්‍රපට බලන්න, ඉතින් මම ලිව්වා මගේ requirements ටික මෙහෙම:

  1. සෑම චිත්‍රපටයකම සම්පුර්ණ විස්තරයක් තිබිය යුතුයි (IMDB rating , sub title, synopsis හෙවත් කතාවේ සාරාංශය, poster සහ වෙනත් පින්තුර, සහ trailer එක)
  2. මේ විස්තර ලබාගැනීම් ලේසි වෙන්න ඕනේ (එකින් එක හොයන්න වද වෙන්න බැහැ)
  3. පරණ කොම්පියුටර් එකක server software එක දුවන්න ඕන, ඒකට USB හරහා Hard-disk එක සවි කරනවා
  4. Movie server එකට නිවසේ ඕනෑම තැනකින් සම්බන්ද වෙන්න පුළුවන් වෙන්න ඕනේ (WiFi හරහා)
  5. හොඳ search system එකක් තියෙන්න ඕනේ (collection එක ගොඩක් ලොකු නිසා search criteria එක වැදගත්, උදා: search by year, title, rating, cast member, language)
  6. චිත්‍රපටයක් බාගෙට බැලුවනම් ඊළඟ සැරේ නවත්තපු තැන සිට බලන්න පුළුවන් වෙන්න ඕනේ (time code එක මට මතක නැති වෙනවා)
  7. software එක TV remote එකෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ
  8. software engineer නොවෙන කෙනෙකුට පවා ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ
  9. ඕනෙම device එකකින් server එකට, කරදරයක් නැතිව සම්බන්ද වෙන්න පුළුවන් වෙන්න ඕනේ (උදා: Mobile phone, Tablet, Smart TV, Laptop, PC)
  10. සර්වර් එක පැය 24ම දුවන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම ලොකු විදුලි බිලක් එන්නත් බැහැ, වැඩිය රත්වෙන්නත් බැහැ
  11. චිත්‍රපට විතරක් නොවී, Documentary, Music Video, TV series වගේම පවුලේ වීඩියෝ ටිකත් කරදරයක් නැතිව හොයාගෙන බලන්න පුළුවන් වෙන්න ඕනේ

File Server එක එකලස් කිරීම

මේ වැඩේට ප්‍රධාන කොටස් 3ක් අවශ්‍ය වෙනවා

  1. කොම්පියුටර් එකක්
  2. WiFI network කනෙක්ෂන් එකක්
  3. ලොකු hard-disk එකක්

 

movie server

වැඩේට හරියටම හරියන, eBay එකෙන් ගෙන්නපු පොඩි කොම්පියුටර් එකක් මගේ ළඟ තිබුනා, මේ ජාතියට කියන්නේ Mini PC කියලයි, මෙන්න specification එක:

  • Processor : Intel Celeron
  • RAM : 8GB
  • Hard disk : 128GB (Solid State Disk)
  • Power consumption: 6W
  • Fan-less cooling (no noise)
  • Built-in Wifi
  • USB 3
  • Operating system : Windows 8.1 (64bit)

මේකම නොවුනත් ඕනෙම ජාතියේ (පරණ) කොම්පියුටර් එකක් මේ වැඩේට සුදුසුයි. අවශ්‍ය වෙන්නේ CPU පවර් එක නොවෙයි, ලොකු RAM එකකුයි, වේගවත් Network system එකකුයි (1GB Ethernet හෝ WiFi 802.11n වගේ එකක්). හැබැයි UPS එකක් දාගන්න අමතක කරන්න එපා. මගේ Mini-PC එකට ඕනේ වොට් 6ක් පමණයි, ඒ නිසා විදුලිය නැති වෙලාවකට, සාමාන්ය 700VA UPS එකකින් WiFi Router එකත් එක්කම දවස් දෙකක් විතර දුවන්න පුළුවන්.

සොෆ්ට්වෙයා සෙටප් කිරීම

File Server එක

මේ සදහා Windows පාවිච්චි කරපු නිසා අපට SMB protocol එක ඕනේ වෙනවා, ෆයිල් ශෙයා කරන්නේ SMB හරහායි. සාමාන්යෙන් මේක on වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන්න.

  1. මුලින්ම local user account එකක් හදන්න (මමනම් හැදුවේ kodi කියල, පාස්වර්ඩ් එකත් ඒකමයි – network එක ලෝකල් හින්ද බයක් නැහැ)
  2. දැන් අර ලොකු hard-disk එකේ චිත්‍රපටි තියෙන folder එකක් තෝරාගෙන right-click කරන්න
  3. Properties යන්න, එතැනින් Share 
  4. Drive letter
  • Disk folder sharing (SMB)

TV එක

මගේ TV එකේ දුවන්නේ Android JellyBean නිසා මේකට ගැලපෙන්නේ KODI Jarvis (V16). මම ඒක මෙතැනින් download කරගත්තා (වැඩි විස්තර මෙතැනින්). වැඩේ ඉක්මනින් කරගන්න ඕනේ නිසා කොම්පියුටර් එකෙන් APK ෆයිල් එක download කරලා USB Pen Drive එක හරහා TV එකට install කලා.movie-smarttv

තමන්ගේ TV එක ස්මාර්ට් එකක් නොවෙයිනම් බය වෙන්න එපා, ඩොලර් 30ක් විතර (ඒ කියන්නේ රුපියල් හාර පන්දාහක් වියදම් කරලා Android TV Box එකක් හෝ Stick ගන්න පුළුවන්). ප්‍රධාන දේ Android දුවන්න ඕනේ, WiFI තියෙන්න ඕනේ.movie-tv

(අලුත්ම KODI Krypton (v17) වුනත් ඒ සඳහා Android v5 Lollipop අවශ්‍යයි)

Phone/Tablet එක

movie-client

Media Server එක පාවිච්චි කිරීම සදහා DLNA ක්‍රමය අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඕනෑම media streaming client app එකක් මේ සදහා භාවිතා කල හැකියි. මෙන්න ගැලපෙන දෙකක් :

  1. BSPlayer
  2. BubbleUPnP

Laptop/PC එක

විශේස සොෆ්ට්වෙයා මොනවත් අවශ්‍ය නැහැ, නමුත් කැමතිනම් KODI ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්


මූවි කැටලොග් එක හදපු හැටි

  • file naming standard

Movie info

Sub titles

හසන්ත මහත්තයෝ, එන්ට චිත්තරපටියක් බලන්ට

movie-tv

නොමිලේම මියුසික් සර්වර් එකක්

WiFi එකට පින්සිද්ද වෙන්න නිවසේ ඕනෑම තැනක ඉදන් සිංදු අහන්නත් පුළුවන්. අවශ්‍ය කරන්නේ ඒ සදහා සුදුසු App එකක් ඉන්ස්ටෝල් කරපු ෆෝන් එකක් හෝ Tablet එකක් පමණයි.

තවත් අදහස්

මේ ලිපිය ලිවීමෙන් පසුව, movie server එක media server දක්වා දියුණු කලා. දැන් චිත්‍රපට විතරක් නොවේ, පින්තුර සහ සින්දු අහන්නත් මේ සර්වර් එක පාවිච්චි වෙනවා. ඒ ගැන ඉදිරියේදී පහත සදහන් මාතෘකා වලින් විස්තර ලියන්න බලාපොරොත්තු වෙනවා, කරුණාකර නැවත පැමිණෙන්න

  • Using a TV box to make a smart TV
  • Bluetooth headphones
  • Stream music to Bluetooth speakers
  • Free NAS
  • Family Photo viewer
  • Torrent downloader

 ඒ වගේම මේ ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න තියෙනවනම් පහත “Leave a Reply” ෆෝම් එකේ කොටන්න, ඉඩ ලැබුන වෙලාවට පිළිතුරු දෙන්නම්.


වෙනත් අයගෙන් උදව්

Share